ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයේ ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.
ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණයි.
ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
මෙම තරගයේදී තම පළමු T20 ශතකය රැස් කර ගැනීමට විරාත් කෝලි සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 122ක් රැස් කළා. ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් ඇතුලත්. තම 104 වන ජාත්‍යන්තර T20 තරගයට එක්වෙමිනුයි ඔහු මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ.
එමෙන්ම මෙය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 71වන ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්‍රාහිම් සඩ්රාන් නොදැවී ලකුණු 64ක් ලබාගත්තේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර කඩුළු 5ක් දවාගැනීමට සමත් විය.