ජාත්‍යන්තර කම්කරු දිනය අද – වැඩිම මැයි රැළි සංඛ්‍යාවක් කොළඹ කේන්ද්‍රකරගනිමින්

කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ජීවිත අරගලය සිහිපත් කරන ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී තිබෙනවා.

1886 වසරේ දී මැයි මාසයේ දී වැඩමුරය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලමින් චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි මස පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම 1923 වසරේ දී ඒ.ඊ.ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වා තිබුණා.

මේ අතර මෙවර මැයි දින සැමරුම් දේශපාලන පක්ෂ රැසක් රැළි සංවිධානය කර ඇති අතර, ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දිවයින පුරා මැයි දින රැළි 21ක් ජාතික ජනබලවේගය මෙවර පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මෙවර මැයි දින සැමරුම් බොහෝමයක් පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කර ගනිමිනුයි.

ඒ අනුව සමගි ජනබලවේගය සිය මැයි දින රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, එය පස්වරු 2.00ට ආරම්භ කිරීමට නියමිතයි.

දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව, යන මැයෙන් සර්වජනබලයේ මැයි දින සැමරුම තිඹිරිගස්යාය හේන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය වෙනුවෙන් රැළියක් නොපවත්වන අතර, ඒ වෙනුවෙන් ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා දිවයින පුරා ආගමික වැඩසටහන් සංවිධාන කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මැයි දිනය නිමිත්තෙන් කොළඹ නගරය තුළ අද (01) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48