“මෙරට වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනැඟීම ඒකායන අරමුණයි”

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට (01) දී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති නුර කුමාර දිසානායක මේ බව පවසනවා.

රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක මෙවර ශ්‍රී ලංකාව කම්කරු දිනය සමරන්නු ලබන බවයි ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම අලුත්වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම පණිවුඩයේ සඳහන්.

ජනාධිපතිවරයාගේ කම්කරු දින පණිවුඩය පහතින්..

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.
ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු. දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු. මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.
එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි. ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි. එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.
රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු. නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු’යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 01 දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56