කම්කරු දිනය සමරන අද රට පුරා ප්‍රධාන මැයි දින පෙළපාලි සහ රැළි 31ක් – කොළඹ දිස්ත්‍රික්කයේ 11ක්

ජාත්‍යන්තර මැයි දිනය සමරන අද (01) දිනය තුළ දිවයින පුරා ප්‍රධාන මැයි දින පෙළපාලි සහ මැයි දින රැළි 21ක් සංවිධානය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඉන් මැයි දින පෙළපාලි සහ රැළි 11ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවිධානය කර ඇති බවයි.

තවත් මැයි දින පෙළපාලි සහ රැළි 20ක් කොළඹින් පිට පළාත්වල සංවිධානය කර ඇති බවයි පොලිසිය වැඩිදුරත් සඳහන් කළේ.

අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැළි, “ජන රජයට ජන බලයක්” තේමාව යටතේ පැවැත්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේ දී මෙන්ම අද (01) පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදී ද ජාතික ජන බලවේගයේ මැයි දින රැළි පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී.

“පච මදිවට හොරු” යන්න තේමා කරගත් මෙවර සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අද (01) පස්වරු 2:00ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය, “දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක්” තේමාව ඔස්සේ මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.

සර්ව ජන බලය පක්ෂයේ මෙවර මැයි දින රැළිය කොළඹ 05 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, “දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව” යන්න එහි තේමාව වී තිබෙනවා.

මේ අතර “අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක්” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැළිය බොරැල්ල පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර, “ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ජන බලයක් ගොඩනගමු” යන්න එහි තේමාව වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දින රැළියක් පවත්වන්නේ නැහැ.

ඒ, අනුව එම පක්ෂය මෙවර මැයි දිනය ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8:00ට හිටපු ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමෙන් අනතුරුව සියලුම ආසනවල ආගමික වතාවත් සිදුකිරීමටයි.

පසුව කැළණිය රජමහා විහාරස්ථානයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමටද එම පක්ෂය සැලසුම්කර තිබෙනවා.

මේ අතර අද කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33