සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමක් – අග්‍රාමාත්‍යවරිය

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී සිටින බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ.

අදට (01) දී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේ දී අප යළිත් තහවුරු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය පහතින්..

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.
1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට මෙරට වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටි අතර, ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟ කම්කරු හඬ දේශපාලනමය වශයෙන් සවිමත් විය. 1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය වැනි තීරණාත්මක සන්ධිස්ථාන මගින් තහවුරු කළේ, මෙරට ආර්ථික හා සමාජීය පෙරළියක “නියමුවා” වැඩකරන ජනතාව බවයි. එදා මෙදා තුර වතු ක්ෂේත්‍රයේ, වරාය, දුම්රිය ඇතුළු සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් දැක්වූ දායකත්වය අද අප භුක්ති විඳින බොහෝ වෘත්තීය අයිතිවාසිකම්වල පදනම බව ගෞරවයෙන් සිහිපත් කරමි.
1886 වසරේ චිකාගෝ නුවරදී පැය අටක වැඩ මුරයක් වෙනුවෙන් කළ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරු ජනතාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත වැඩකරන ජනතාවට උපහාර පුද කරමින්, මෙවරත් ජාත්‍යන්තර කම්කරු දිනය අපි අභිමානයෙන් යුතුව සමරන්නෙමු. මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලාංකේය සමස්ත වැඩකරන ප්‍රජාවට ගෞරවයක් පිණිස මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ සැමරීම හේතුවෙනි.
ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමකි. ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.
සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණකි. ඒ අනුව, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ ප්‍රමුඛතම කාර්යයන් අතර වේ.
සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුය. සියලු වැඩකරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින්, අප සැමගේ පොදු දැක්ම වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ඉලක්කය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18