මර්දනයට එරෙහි පාලනයක් වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් එක්ව පෙළ ගැසිය යුතුයි – විපක්ෂ නායක

මෙවර මැයි දිනය සමරන මොහොතේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බව අප අමතක නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අදට දී තිබෙනවා මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරනවා.

අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කරමින් රජය ගෙන යන මේ ගමන වහාම නැවැත්විය යුතු බව අවධාරණය කරන බවයි එම පණිවුඩය මඟින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සම අවස්ථා ලබාදෙන පාලනයක් තුළින් පමණක් බව පවසන විපක්ෂ නායකවරයා, මර්දනයට එරෙහිව එවන් පාලනයක් වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් එක්ව පෙළ ගැසිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිඩුඩය පහතින්..

“වසර 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවරින් ඇරඹි ඓතිහාසික කම්කරු අරගලය සිහිපත් කරමින් අද දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සමස්ත වැඩ කරන ජනතාව වෙත මාගේ ගෞරවය පිරිනමමි. එදා දහඩිය, කඳුළ සහ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ මුරය සහ මානුෂීය සේවා කොන්දේසි යනු ශ්‍රමික අභිමානයේ පදනම වන අතර එම ඓතිහාසික ජයග්‍රහණය අදටත් ලොව පුරා වැඩ කරන ජනතාවට අසාධාරණයට එරෙහිව නැගී සිටීමට මහා ශක්තියක් ලබා දී තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසය දෙස බැලීමේ දී ද මෙරට ආර්ථිකයේ ජීව රුධිරය වන කම්කරු ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් කළ කැප කිරීම් අප සැමවිටම ගෞරවයෙන් යුතුව අගය කළ යුතුය.

මෙවර මැයි දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බව අප අමතක නොකළ යුතුය. වත්මන් රජයේ අදුරර්දර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජීවන වියදම අහස උසට නැඟ ඇති අතර ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇත. ආයෝජන දිරි ගැන්වීමේ සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල නාමයෙන් පවතින කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිත භාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයන් අපි දැඩි ලෙස හෙළා දකිමු. අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කරමින් ගෙන යන මේ ගමන වහාම නැවැත්විය යුතු බව අප අවධාරණය කරමු.

අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සම අවස්ථා ලබා දෙන පාලනයක් තුළින් පමණි. මර්දනයට එරෙහිව එවන් පාලනයක් වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් අප එක්ව පෙළ ගැසිය යුතුය.

රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී’ මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව අප රටට අවශ්‍ය වී තිබේ. එහිදී ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවක සුරක්ෂිත භාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහවුරු කිරීමටත් අප කැපවිය යුතුය. එසේම පීඩිත පන්තියේ බඩගින්න සහ වේදනාව හඳුනන ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවය දෙන පාලනයක් රටේ ස්ථාපිත විය යුතුය. ඒ වෙනුවෙන් වන ජනතාවාදී අරගලය සඳහා සියලු වැඩ කරන ජනතාවට අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කර සිටිමි”.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56