ලංකා ඉතිහාසයේ දූෂිතයින්ට, වංචනිකයින්ට හා හොරුන්ට හිර ගෙවල් නියම කරන වසර 2026 වසරයි – ජනපති අනුර

ලංකා ඉතිහාසයේ දූෂිතයින්ට, වංචනිකයින්ට සහ හොරුන්ට හිර ගෙවල් නියම කරන වසර බවට 2026 වසර පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගය නුවරඑළිය නගරයේ සංවිධානය කර තිබූ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සෑම අපරාධකරුවෙක්ම නීතිය හමුවට රැගෙන යෑමට ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට ලබා දී ඇති ජනවරමට අනුව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බවයි ඔහු මෙම ජන රැළිය අමතමින් සඳහන් කළේ.

මීට පෙර පැවැති ආණ්ඩු විසින් ගනු ලැබුවේ පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දු බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14