ඉන්දියාවට ලකුණු 101ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයේ ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණයි. 

ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

මෙම තරගයේදී තම පළමු T20 ශතකය රැස් කර ගැනීමට විරාත් කෝලි සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 122ක් රැස් කළා. ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් ඇතුලත්. තම 104 වන ජාත්‍යන්තර T20 තරගයට එක්වෙමිනුයි ඔහු මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ.

එමෙන්ම මෙය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 71වන ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්‍රාහිම් සඩ්රාන් නොදැවී ලකුණු 64ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර කඩුළු 5ක් දවාගැනීමට සමත් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55