ඉන්දියානුවන් 1000කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවෙන් පිටුවහල් කෙරේ

2025 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉන්දියානුවන් 1080ක් පිටුවහල් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ගෙන ඇති සංක්‍රමණ ගැටලු සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ දී මෙම ඉන්දීය ජාතිකයින් පිරිස නීතිවිරෝධී ව අමෙරිකාව තුළ ජීවත් ව ඇති බවයි.

මෙම තීන්දුවට අමෙරිකාව සහ ඉන්දීය සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බවත් වාර්තා වනවා.

දෙරට ම අදාළ පිටුවහල් කිරීම ගැන පූර්ණ අවබෝධයකින් යුතු ව කටයුතු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

මෙලෙස පිටුවහල් කිරීමට ලක් වූ ඉන්දියානුවන් සියයට 62ක් ම වාණිජ ගුවන් ගමන් මගින් අමෙරිකාවට ඇතුල් වී ඇති බව ද වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ, “සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන්, නීතිවිරෝධී තත්ත්වයක සිටින හෝ නීති විරෝධී ලෙස ගමන් කරන ඉන්දියානු ජාතිකයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සමීප සහයෝගීතාවයක් ඇත; ඔවුන් පිළිබඳ විස්තර ලැබුණු පසු අපි ඔවුන් ආපසු භාර ගනිමු” යනුවෙනි.

ට්‍රම්ප් පරිපාලනය සහ හාවඩ් විශ්වවිද්‍යාලය සම්බන්ධ වත්මන් ආරවුල ගැන ද ජයිස්වාල් අදහස් දක්වා තිබෙනවා.

ඔහු කියා සිටියේ, ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක වීසා අයදුම්කරුවන් සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයේ යාවත්කාලීන මාර්ගෝපදේශ සහ ගැටලු පිළිබඳව තමාව අමෙරිකානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනුම්වත් කරන ලද බවයි.

මූලාශ්‍රය –https://www.ndtv.com/world-news/1-080-indians-deported-from-us-since-january-2025-foreign-ministry-8541021#pfrom=home-ndtvworld_world_top_scroll



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40