ඉංලගෙයි තමිල් අරසු කච්චි නායකත්වයට තුන්කොන් සටනක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී පවතින බව පක්ෂ නියෝජිතයින් පවසනවා.

පක්ෂයේ නව නායකයා තේරීමේ පක්ෂ මහා සභාව අද (21) ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි.

නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් ද, මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්.යෝගේෂ්වරන් ද නාමයෝජනා භාරදී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වනදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ නායකත්වය යටතේයි ආරම්භ කර ඇත්තේ.

පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැනීම සිදුවී තිබෙනවා.

වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්වුණා.

ඒ වර්තමානයේ පක්ෂ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ආර්.සම්බන්ධන් මහතාට පවතින සෞඛ්‍ය දුර්වල තත්වයන් හමුවේයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ නව පක්ෂ නායකයා තේරීම වෙනුවෙන් රහස් ඡන්දයක් අද (21) පැවැත්වීමට නියමිත බවයි.

පක්ෂයේ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන නියෝජිතයින් 325 දෙනෙකු පක්ෂ නායකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47