ආණ්ඩුව මර්දනය තුළින් රට පාලනය කරනවා – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (21) දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්‍රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීයි.

ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුලින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.

ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.

මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්, ගල් අඟුරු කන්ටේනර් හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.