ජාත්යන්තර පොලිස් සංගමයේ (IPA) 69 වන ලෝක සමුළුවේ සමාරම්භක උත්සවය අද (21) උදෑසන කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.
මෙම සමුළුව සඳහා ප්රධාන ආරාධිතයා වශයෙන් විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් එක්ව සිටියා.
මෙම සමුළුව සඳහා රටවල් 69ක් නියෝජනය කරමින් නියෝජිතයන් 450කට ආසන්න පිරිසක් සහභාගී වුණා.
ජාත්යන්තර පොලිස් සංගමයේ ජාතික අංශවල සභාපතිවරුන්, මහලේකම්වරුන් ඇතුළු ජාත්යන්තර පොලිස් සංගමයේ සාමාජිකයෝ ද ඊට එක්ව සිටියා.
සමුළුවට සහභාගී වූ නියෝජිතයෝ අද (21) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව පෙළපාළියකින් සමුළුව පැවැත්වෙන හෝටල් පරිශ්රය වෙත පැමිණියා.










