ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම අවශ්‍ය නම් ඉවත් කරන ලෙස නීතිපති අධිකරණයට දන්වයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවම සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් අවශ්‍ය නම් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මානුෂීය සලකා බලන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අද (21) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා දින අධිකරණයට මෙම සිද්ධියට අදාලව මෝසමක් ගොනු කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන මොනවාද යන්න විමසා සිටි අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙලෙස ප්‍රකාශ කළා.

එම අවස්ථාවේදී අතිරේක සෙලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ නීතීඥ සනත් විජේවර්ධන නමැත්තාගේ අත්සනින් යුතු මෝසම් පත්‍රයක් නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.

සිද්ධියට අදාළව සැකකරු තවමත් සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවද අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පවසා සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා,

“ස්වාමීනි ලංකාවේ ගොඩක් අයට ප්‍රතිකාර ගන්න බැහැනේ. සිංගප්පුරූ රෝහලක කරන ලද සැත්කමකට පසු ප්‍රතිකාර ලබා ගැනීමට යෑමට තමයි මෝසම මගින් ඉල්ලලා තිබුණේ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව දැන්වුවා. ඒ සම්බන්ධයෙන් මානුෂිකව ක්‍රියා කරන්න කියලා”

එදින ඉදිරිපත් කරන ලද මෝසමි පත්‍රයේ අඩුපාඩු තිබු බැවින් අධිකරණ රෙජිස්ටර්තුමිය විසින් එම මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කළ බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියා.