ඉංලගෙයි තමිල් අරසු කච්චි නායකත්වයට තුන්කොන් සටනක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී පවතින බව පක්ෂ නියෝජිතයින් පවසනවා.

පක්ෂයේ නව නායකයා තේරීමේ පක්ෂ මහා සභාව අද (21) ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි.

නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් ද, මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්.යෝගේෂ්වරන් ද නාමයෝජනා භාරදී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වනදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ නායකත්වය යටතේයි ආරම්භ කර ඇත්තේ.

පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැනීම සිදුවී තිබෙනවා.

වර්තමාන පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්වුණා.

ඒ වර්තමානයේ පක්ෂ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ආර්.සම්බන්ධන් මහතාට පවතින සෞඛ්‍ය දුර්වල තත්වයන් හමුවේයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ නව පක්ෂ නායකයා තේරීම වෙනුවෙන් රහස් ඡන්දයක් අද (21) පැවැත්වීමට නියමිත බවයි.

පක්ෂයේ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන නියෝජිතයින් 325 දෙනෙකු පක්ෂ නායකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37