Update – අකුරණ මාරක අනතුරින් 04ක් ජීවිතක්ෂයට – 08 දෙනෙක් තුවාල ලබා රෝහලේ (වීඩියෝ)

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ දී අද (19) පෙරවරුවේ සිදුවූ මාරාන්තික අනතුරින් තුවාල ලැබූවනගේ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් මාතලේ සහ මහනුවර යන රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් හතරදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති අතර, එලෙස ජීවිතක්ෂය පත්වූ අය අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වුණේ.

සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

අදාළ සිමෙන්ති පැටවූ ලොරි රථය තවත් වාහන කිහිපයක ගැටී, මාර්ගයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරන් පසු මාතලේ – මහනුවර මාර්ගය කුරුගොඩ හන්දිය ප්‍රදේශයෙන් ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.