අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ දී සිමෙන්ති ප්රවාහනය කළ රථයක් වාහන කිහිපයක ගැටීමෙන් අද (19) පෙරවරුවේ දරුණු අනතුරක් සිදු වුණා.
මෙම අනතුරින් කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අලවතුගොඩ සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති ප්රවාහනය කළ රථයේ තිරිංග අක්රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අනතුරින් තුවාල ලබුවන්හනුවර සහ මාතලේ යන රෝහල්වල මේ වනවිට ප්රතිකාර ලබනවා.
මේ අතර අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කාමරවල මෙලෙස සටහන්ව තිබුණා.










