පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ
රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්යවේදීන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් නඟන ගැටලු සඳහා පිළිතුරු ලෙස මෙම නිවේදනය නිකුත් කරන බවයි.
ඥානසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.
ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවත් මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කරනවා.
අදාළ නිවේදනය පහතින්..

