ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

එක්සත් රාජධානියේ රාජකීය පවුලේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය මෙම සංචාරය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

පස්වරු 01.06ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 504 දරන ගුවන් යානයෙන් කුමරිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය හා සම්බන්ධ උත්සව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය ඈන් කුමරියට ආරාධනා කර තිබෙනවා.

ඒ වෙනුවෙනුයි ඇය මෙම සංචාරයට එක්වන්නේ.

කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද පැමිණ තිබෙනවා.

ඔවුන් ලබන 13 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම සංචාරය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

ඊට අමතරව මීගමුව හරිස්චන්ද්‍ර, නිවුස්ටෙඩ් බාළිකා, විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසැල්වල සිසුන් පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා අංගය වෙත පැමිණ සිටියා.

ගුවන් යානයෙන් බැස පැමිණි ඈන් කුමරිය රතු පළස ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ
(Golden Book)හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත සම්ප්‍රාප්ත වුණා.

එහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ද පැමිණ තිබෙනවා.

මෙම කම්හල තුළ පැයක පමණ කාළයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජකීය කුමරිය කොළඹ බලා පිටත්ව යාමට නියමිතයි.

1995 වසරේ දී ඈන් කුමරිය මෙරටට පැමිණ ඇති අතර ඇයගේ මෙම ශ්‍රී ලංකා සංචාරය 2024 වසරේදී බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වනවා.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය ද වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සබඳතාව, පොදු අරමුණු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය හවුල්කාරීත්වය මත මෙම සංචාරය පදනම් වනවා.

ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතව තිබෙනවා.

සංචාරය අතරතුර ව්‍යාපාර සමාජ සේවා සහ පුණ්‍ය පදනම්වල නියෝජිතයන් හමුවීමටත් Save The Children වැඩසටහන නිරීක්ෂණය කිරීමටත් සැලසුම් කර ඇතැයි සඳහන්.

පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සොහෙන්හි (Commonwealth War Graves) සභාපතිනිය ලෙසට ඇයගේ නව භූමිකාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියක සංචාරය කිරීමට ද නියමිතයි.

රාජකීය කුමරිය මහනුවර සහ කොළඹ වැදගත් ආගමික ස්ථානවලට ගොස් ගෞරව දැක්වීමට ද යාපනයේ සංචාරය කරන අතරතුර ප්‍රජාව සහ සිවිල් සමාජ නියෝජිතයන් හමුවීමට ද නියමිතව තිබෙනවා.

රාජකීය කුමරිය මීට පෙර 1995 වසරේ මාර්තු මාසයේදී Save The Children හි අනුශාසක ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ එම පුණ්‍ය පදනම සහාය දක්වන ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03