ඇෆ්ගන් 20-20 සංචිතය නම් කෙරේ – ආබාධයක් නිසා ප්‍රබලයෙකුට තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට අහිමිව යන බව වාර්තා වනවා.

දකුණු අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවකලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක රෂිඩ් ඛාන් මෙම සංචිතය සඳහා ද එක්කර නැහැ.

ඒ, සැත්කමකට භාජනය කළ ඔහු තවමත් පූර්ණ සුවය නොලැබීම හේතුවෙන්.

මේ අතර මෙම සංචිතයේ නායකත්වය සඳහා ඊබ්‍රාහිම් සද්‍රාන් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය ලබන 17 වනදා දඹුල්ලේ දී ආරම්භවීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් නම්කළ ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්,

ඊබ්‍රාහිම් සද්‍රාන් (නායක), රහ්මානුල්ලා ගුර්බාස්, මොහොමඩ් ඉෂාක්, හස්රතුල්ලා සසායි, ගුල්බඩින් නයිබ්, මොහොමඩ් නබි, නජිබුල්ලා සද්‍රාන්, කරීම් ජනත්, ෂරෆුදීන් අෂ්රෆ්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ්, නවීන්-උල්-හක්, නූර් අහමඩ්, වෆාඩර් මොමන්ඩ්, කයිස් අහමඩ්, අස්මතුල්ලාහ් ඔමර්සායි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27