ඇමරිකාවත් ඉල්ලූ ප්‍රබල මත් ජාවාරම්කාර ශිරාන් බාසික් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) රාත්‍රියේ මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 48 හැවිරිදි ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක් වනවා.

ඔහු 2018 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පළාගොස් තිබුණා.

ඉරාන – අමෙරිකා යුද්ධයේ දී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද ඔහුව පසුගිය මැයි මාසයේ දී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

රතු වරෙන්තුකරුවෙක් වන මොහුව විමර්ශන කටයුතු සදහා ඇමෙරිකාව විසින් එරටට ලබා දෙන ලෙසට ද ඉල්ලීමක් ද කර තිබූ බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් ශිරාන් බාසික්ව ඊයේ (14) පිටුවහල්කර මෙරටට ඒවා තිබූ අතර, එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක තොටුපොළ වෙත රාත්‍රී 08.48ට පමණ පැමිණි ඔහුව මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12