ඇමරිකානු ආයෝජන මඟින් ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සිහිනයට දැවැන්ත පණක්

ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රය තුළ පෞද්ගලික ආයෝජන සහ කර්මාන්ත සහයෝගීතාව පුළුල් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ඉන්දීය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබෙනවා.

ඇමරිකානු න්‍යෂ්ටික බලශක්ති ආයතනය (NEI) සහ එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්ව සංසදය (USISPF) නියෝජනය කරමින් පැමිණි මෙම පිරිස ඉන්දියාවේ පවත්නා ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘වික්සිත් භාරත් 2047’ (Viksit Bharat 2047) දිගුකාලීන සැලැස්ම යටතේ, දැනට පවතින ගිගාවොට් 8.8 ක් වන න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව 2047 වන විට ගිගාවොට් 100 දක්වා ඉහළ නැංවීම ඉන්දියාවේ ඉලක්කය බවයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා විදේශීය ආයෝජන ද ඇතුළුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමට ඉඩ සලසමින් ඉන්දියාව මෑතකදී ‘ශාන්ති පනත 2025’ (SHANTI Act, 2025) නමින් සුවිශේෂී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් ද හඳුන්වා දුන්නා.

මීට අමතරව, කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක (SMRs) සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 20,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ක්ෂුද්‍ර ප්‍රතික්‍රියාකාරක සහ කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත න්‍යෂ්ටික ආරක්ෂණ පද්ධති සඳහා ඇමරිකානු සහයෝගීතාව ලබා ගැනීමට විශාල අවස්ථාවක් පවතින බව ද අමාත්‍යවරයා සාකච්ඡාවේ දී පෙන්වා දී තිබෙනවා.

2025 පෙබරවාරි මස අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ ‘TRUST’ මුලපිරීම හරහා දෙරට අතර තාක්ෂණික සහ සැපයුම් දාම සබඳතා තවදුරටත් ශක්තිමත් වුණා.

කොව්වාඩා හි යෝජිත වෙස්ටිංහවුස් (Westinghouse AP1000) ව්‍යාපෘතිය, හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ රුපියල් කෝටි 2,600 ක වියදමකින් ක්‍රියාත්මක වන LIGO-India ව්‍යාපෘතිය ඇතුළු දෙරටේ ඒකාබද්ධ විද්‍යාත්මක සහ බලශක්ති ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය ද මෙම හමුවේදී සමාලෝචනයට ලක් වූ බව මාධ්‍ය වාර්තා කළා.

මෙම සාකච්ඡාව පිරිසිදු බලශක්ති සහ උසස් නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40