ආසාදිතයකු සමඟ බාරයක් ඔප්පු කරන්න ගිය සිසුන් 23ක් නිරෝධායනයට

කොටවෙහෙර, පාසැලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 23 දෙනෙකු හා මවුපියන් කොරෝනා ආසාදිත මවක සමග පන්සලක කිරි උතුරවා බාරයක් ඔප්පු කිරීමකට යාම හේතුවෙන්, එම පිරිස නිරෝධායනයට ලක් කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  අද(20) පැවසීය.   

එම පිරිස ඇතුලුව සමීප ආශ්‍රිතයන් ලෙස පවුල් 26 ක පුද්ගලයන් 47දෙනෙකුද නිරෝධායනය කර තිබේ.

මෙම ආසාධිත මවගේ සැමියා වූ බස් කොන්දොස්තරවරයාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව, එම පවුලේ අය ඇතුලුව 40ක් නිරෝධායනයට ලක්කර පී.සී.ආර්.පරීක්ෂණ කර තිබිණි.  එහිදී මෙම මව  ආසාදිතයකු බව වෛද්‍ය වාර්ථාවලින් තහවුරු වී තිබිණි.

නිරෝධායනයට ලක් වූ පාසැල් දරුවන් 10දෙනෙකු සහභාගී වූ අමතර පංතියකටද මෙම ආසාදිත මව සහභාගී වීම හේතුවෙන් එම අමතර පංති ගුවරයා ද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මේවන විට කොටවෙහෙර ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 8දෙනෙකු වාර්තා වන බවද, සමීප ආශ්‍රිතයන් ලෙස පුද්ගලයන් 87දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද  තවදුරටත් සමීප ආශ්‍රිතයන් සොයා අද (20) පරීක්ෂණ කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට  ගෙන සියලුදෙනා  සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව  වඩාත් අවධියෙන් සිටින සිටින ලෙසද, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24