සංචාරක ඉන්දිය කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහුව රෝහල් ගත කළ බවයි තොරතුරු වාර්තා වන්නේ.
හතරේ පහරක් වැළැක්වීම උත්සාහ කළ අවස්ථාවේ දි ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට තුවාල සිදුව තිබෙනවා.
කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා සහ වෛද්‍යවරයා විසින් ඔහු පිටියේ දී පරීක්ෂා කිරිමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙන යෑමටයි කටයුතු කර ඇත්තේ.













