පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකර සිටි සැකකරු සියදිවි නසාගෙන

අම්බලන්ගොඩ පොලිස් භාරයේ සිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙක් රෝහල් වැසිකිළියක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (17) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ, වතුගෙදර, සීනිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක්.

තියුණු ආයුධයකින් පුද්ගලයකුට පහර දුන් බව කියන චෝදනාවකට මෙම පුද්ගලයා ඊයේ (17) නීතීඥවරයෙකු මාර්ගයෙන් අම්බලන්ගොඩ පොලීසියට භාරවී තිබෙනවා.

එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතර, අත්අඩංගුවේ සිටිය දී ඔහුට ඇති වූ
රෝගාබාධයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

එලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වැසිකිළියට ගොස් සිටිය දී ඇද සිටි සරමෙන් ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58