ඕමානයේ දී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් ‘සමිට්පුර චතූ’ විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මෝදර චතූ’ නොහොත් ‘සමිට්පුර චතූ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඕමානයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
කොළඹ 15 , මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මොහු 2025.03.22 දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕමානය වෙත පළා ගොස් තිබූ බවයි අනාවරණය වුණේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙක් වන ‘සමිට්පුර චතූ’ මෙරට තුළ සිදුකළ අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහා අවශ්‍යව සැකකරුවෙක්.
මොහු අද (18) අලුයම 04.53 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.
කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂාවක් යටතේ රැගෙන යනු ලැබුවා.













