අල්ලස් ගනිද්දී මාට්ටු වූ කුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

අල්ලස් ගනිද්දී මාට්ටු වූ කුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීමට අදාළව අල්ලසක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී යි.

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදුකිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදීයි.

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ අතර, අවසානයේදී ජාතික ජන බලවේගය වෙනත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව බලය තහවුරු කර ගනු ලැබුවා.

එහිදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොහොමඩ් මොයුනුදීන් මහතාද සහාය පළ කළ අතර ඔහු සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්කෙරුණේ ඒ අනුවයි.

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි.නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබුණි. (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ සවස 6.00ට අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහම්මදු මොයිනුඩීන් මොහම්මට් අෂාර්ඩින් යන අය පිළිබඳව එම කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපති මොහම්මදු මොයිනුඩීන් මොහම්මඩ් අෂාර්ඩින් මහතා කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්ව ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින්.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඊයේ රාත්‍රී 11.22ට අප වෙත ලැබී තිබූ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි;

“රුපියල් 3,000,000/- (රුපියල් ලක්ෂ තිහ) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත කුරුණෑගල, මහ නගර සභාවේ උප නගරාධිපති අත්අඩංගුවට.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කුරුණෑගල බස් නැවතුම්පල සහ වෙළඳ සංකීර්ණයේ නඩත්තු හා පිරිසිදු කිරීම සඳහා පැමිණිලිකරු විසින් ලබාගෙන තිබූ ටෙන්ඩරයේ වැසිකිළි පද්ධතියේ ජල ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 40 ක් හිඟව පැවතීම හේතුවෙන් බස් නැවතුම්පල පිරිසිදු කිරීමේ ගිවිසුම කුරුණෑගල මහ නගර සභාව විසින් අහෝසි කිරීමට යන බව පවසා එම ගිවිසුම අවලංගු වීම වැළැක්වීමටත්, ඒ සඳහා ඉදිරියේදීත් මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව උදව් උපකාර කිරීම සඳහාත්, රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉදිරියටත් මෙම කොන්ත්‍රාත් කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යාමට මාසිකව ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ගිවිසුම අවලංගු වීම වැළැක්වීම සඳහා අල්ලස් ලෙස මුලින් ඉල්ලූ රුපියල් ලක්ෂ 50 ක මුදල රුපියල් ලක්ෂ 30 දක්වා අඩු කර ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මතකුරුණෑගල, මහ නගර සභාවේ උප නගරාධිපති මොහම්මදු මොයිනුඩීන් මොහම්මට් අෂාර්ඩින් යන අය 2026.05.08 වන ප.ව.6.00ට පමණ බත්තරමුල්ල පිහිටි හෝටලයක් තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44