රත්මලානේ අත්බෝම්බ සිද්ධියට සිව් දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 05 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් ආරම්භ කළ විමර්ශනය මත ඊයේ (08) දින සවස මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 21, 26, 28 හා 30 වයස් වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලසිය සඳහන් කළේ.

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33