අල්ලස් ගත් RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනා අධිකරණයට

බස්රථ තුනක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන අද (05) දින අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේදී ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොරි හා බස් රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් සජිත් වසන්ත වෙල්ගම සහ විෂය ලිපිකරුවකු ලෙස කටයුතු කරනු ලැබූ කරුණාදිපතිලාගේ ජගත් ශාන්තප්‍රිය යන සංවර්ධන නිලධාරීවරයා සහ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු ලෙස සේවය කර අල්ලස් චෝදනා මත වැඩ තහනමට ලක් වී ඉන් අනතුරුව තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ මුතු තන්ත්‍රිගේ මර්වින් ජයන්ත ප්‍රනාන්දු යන තිදෙනා මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී එනම් එක් අවස්ථාවකදී රුපියල් 48000කුත් අනෙක් අවස්ථාවේදී රුපියල් 150000 මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම තිදෙනා අත්අඩංගුවට පත් වී තිබෙනවා.

කරුණු සලකා බැලූ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා සැකකරුවන් ලබන 8වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17