අයිස් ජාවාරමේ නිරත CTB ඩ්‍රයිවර් බිරිඳත් සමඟ මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ලංගම බස් රියදුරෙක් සහ ඔහුගේ බිරිඳ වැලිමඩ, අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත ඌව පරණගම, රහුපොල ප්‍රදේශයේ දී සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නම් කිරීම්වල දී ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ බස් රථයක් ධාවනය කරමින් සිටිය දී සැකකාර සැමියා ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඔහු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සැමියා කැප්පෙටිපොල ලංගම ඩිපෝවට අනුයුක්තව රාජකාරී කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, අඔගස්දෝව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58