අයාලේ යන සුනඛයින් රංචුවක් දරුවෙකුගේ ජීවිතය බිල්ලට ගනී

අයාලේ යන සුනඛයින් රංචුවක් විසින් හත් හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කල පුවතක් ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ වරන්ගල්-කාසිපෙට් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය අඟහරුවාදා මෙම පිරිමි ළමයා සුනඛයින්ගේ ග්‍රහණයට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

චෝටු ලෙස හඳුන්වන මෙම ළමයා මාර්ගය අසල කුඩා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයෙකුගේ පුත්‍රයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ළමයා අසල පිහිටි උද්‍යානයක සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස සුනඛයින්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර, සුනඛයින්ගේ සපා කෑමෙන් ශරීරය පුරා තුවාල සිදුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ළමයා එම්.ජී.එම්. රෝහලට රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
12
+1
5
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?