යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඩ්‍රෝන යානා නිෂ්පාදනයට අදාළ උපකරණ ගබඩා කර තිබූ අවි ගබඩාවකට තම හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කළ බවයි.













