රවී කරුණානායක අවස්ථා 03කදී අල්ලස් කොමිසම මඟ ඇරලා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පැහැර හැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) දින ගොස් තිබෙනවා.

ඒ මොහොතේ ඔහු නිවසේ සිට නැති බවයි නිලධාරීන් සඳහන් කළා.

සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ අද (29) දිනයේදී පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් නියමිත පරිදි ඔහු එම කොමිෂන් සභාව හමුවට නොපැමිණීම නිසා කොළඹ පාර්ලිමේන්තු පාරේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස ගොස් තිබෙනවා.

ජුලි 16, ජුලි 30 සහ අගෝස්තු 28 වැනිදා යන දින තුනේදීම රවී කරුණානායක මහතාව අල්ලස් කොමිසමට කැදවූවද ඔහු පැමිණ නැහැ.

දුවගේ විවාහය, නීතිඥයන් නොමැති වීම ඇතුළු හේතු දක්වමින් ඔහු අල්ලස් කොමිසම මගහැර ඇති අතර, අගෝස්තු 28 වැනිදා පැමිණීමට නොහැකි නම් අගෝස්තු 29 වැනිදා පැමිණෙන ලෙස අල්ලස් කොමුසම දැනුම් දී තිබුණා.

නමුත් ඔහු නොපැමිණි නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දිනයේදි නිවසට ගොස් පරීක්ෂාකර තිබෙනවා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත නිවැසියන් පවසා ඇත්තේ, රවී කරුණානායක මහතා ඒ වන විට නුවරඑළිය බලා පිටත්ව ගොස් සිටින බවයි.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයට නිලධාරීන් 05 දෙනෙකු බඳවාගෙන ඔවුන් තම පෞද්ගලික කටයුතු සඳහා යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ක්‍රියාත්මකකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි අල්ලස් කොමිසම රවී කරුණානායකට දැනුම් දී ඇත්තේ.

මීට පෙර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාවට අදාළව ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම 2015 මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනවලදී කොළඹ මොනාක් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක කුලී මුදල් වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම හරහා ගෙවීම සම්බන්ධයෙන් එවක මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

මූල්‍ය අක්‍රමිකතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බැඳුම්කර සිදුවීමට අදාළ අනාවරණයන් මත පදනම්ව හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම සාක්ෂි හා ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන අංශ මීට පෙරද අවස්ථා කිහිපයකදීම පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03