අයහපත් කාලගුණයෙන් පවුල් 428ක් පීඩාවට – හෙට වනවිට වැසි තත්ත්වයේ අඩුවක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 428ක පුද්ගලයන් 1,872ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙහිදී එක් පුද්ගල මරණයක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් මේ වනවිට දැඩි වර්ෂාපතනය හමුවේ ආපදාවකට ලක්ව ඇති බවට ද වාර්තා වනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) දිනයේ වසා තබා තිබෙනවා.

මේ අතර පවතින වර්ෂාපතනය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 05කට පනවා ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

රතනපුර, කළුතර, හම්බන්තොට ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හය සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනෙන් පහව යන බවත්, හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ වඩාත් අඩුවක් බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?