අයහපත් කාලගුණයෙන් පවුල් 428ක් පීඩාවට – හෙට වනවිට වැසි තත්ත්වයේ අඩුවක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 428ක පුද්ගලයන් 1,872ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙහිදී එක් පුද්ගල මරණයක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් මේ වනවිට දැඩි වර්ෂාපතනය හමුවේ ආපදාවකට ලක්ව ඇති බවට ද වාර්තා වනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) දිනයේ වසා තබා තිබෙනවා.

මේ අතර පවතින වර්ෂාපතනය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 05කට පනවා ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

රතනපුර, කළුතර, හම්බන්තොට ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හය සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනෙන් පහව යන බවත්, හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ වඩාත් අඩුවක් බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56