අපවත් වූ නා උයනේ භික්ෂූන් වහන්සේලා සිව්නමකගේ දේහයන් ආරණ්‍ය සේනාසනය වෙත

නා උයන ආරණ්‍ය සේනාසනයේ විදුලි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහයන් පිළිබඳව ආදාහන කටයුතු හෙට (27) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අපවත් වූ භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහයන් අද (26) පෙරවරුවේ කුරුණැගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත වැඩමකරවනු ලැබුවා.

අනතුරින් අපවත් වූ විදෙස් භික්ෂුන් වහන්සේ තුන්නමගේ දේහයන් තවමත් කුරුණෑගල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.

මේ අතර මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේ හත්නමගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ඊයේ (25) සිදු කළා.

ඒ, අනුව මොට බලයක් නිසා ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණ සිදුවූ බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වෛද්‍යවරු ඒකමතිකව තීරණය කර තිබෙනවා.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ භික්ෂුන්වහන්සේලා 13 නමක් පෙරේදා (24) රාත්‍රියේ කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් ආධාරයෙන් භාවනා කුටි වෙත ගමන් කරමින් සිටි අවස්ථාවේ දී අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් භික්ෂුන්වහන්සේලා 07 නමක් අපත්ව වූ අතර, භික්ෂුන්වහන්සේලා හයනමක් තුවාල ලබා රෝහල් ගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32