කිසිදු අවස්ථාවක අපරාධ කල්ලිවලට පොලිසිය හෝ මහජනතාව අභිබවා යාමට ඉඩ නොතබන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ අද (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
පාතාල කල්ලි විසින් සංවිධානාත්මක අපරාධ සඳහා අලුත් උපක්‍රමයක් ලෙස අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
එමෙන්ම දෙහිවල – ගල්කිස්ස සහ අවට ප්‍රදේශවල අපරාධ සිදුකරන මහමොළකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.













