අනුර එක්ක විවාදයට පෙර රනිල්ගෙන් අනුරට තවත් ප්‍රති-අභියෝගයක්

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක් ද, ආනයන ආර්ථිකයක් ද කියා තමා විමසූ විට ඊට පිළිතුරු නොදෙන අනුර දිසානායක තමාට විවාදයකට ඇරයුම් කරන බවත්, තමන් සමඟ විවාදයට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම සමග එක්ව වෙනම විවාදයක් සිදු කර තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ කුරුණෑගල අස්ලිය ගෝල්ඩන් ක්‍රැසෙන්ඩා හෝටලයේ ඊයේ (10) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමින්.

මෙරට වගකීම භාර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ බවත් ආයෝජන කලාප තවදුරටත් ඇති කරමින් ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට වැඩපිළිවෙලක් ඇති කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි කඩ කරමින් ආර්ථිකට හැසිරවීමට යාමෙන් මෙරට ආර්ථිකට විය හැකි හානිය පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

කුරුණෑගල යන්න වාසනාවන්ත දිස්ත්‍රික්කයක් බවත් එම දිස්ත්‍රික්කයකට ස්මාර්ට් ඇග්‍රිකල්චර් හඳුන්වා දෙමින් පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

මෙම හමුවට එක් වූ ජනාධිපතිවරයා වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් විසින් මතු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දීමට ද කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53