අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව වුණා.

මෙහිදී ක්‍රීඩකයන් විසින් පිහිනීමේ තරඟය සඳහා සුදානම් වී සිටි අතර එහිදී ඉදිරිපසින් කැමරා රැගෙන යෑමට නියමිතව තිබූ කළු පැහැති මෝටර් බෝට්ටුවක් නවතා තිබුණා.

සංවිධාකයන් විසින් තරගය ආරම්භ කළ අතර ක්‍රීඩකයන් පිරිසක් පිහිනීම ආරම්භ කළත් තවත් ක්‍රීඩකයන් පිරිසකට ඉදිරිපස නවතා තිබූ බෝට්ටුව නිසා තරගයට සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ.

බෝට්ටුවේ සිටි පිරිස විසින් එම යාත්‍රාව වේගයෙන් පසුපසට ගත් අතර ඒ නිසා තරමක නොසන්සුන්තාවයක් ද ඇතිව තිබුණු බව වාර්තා වෙනවා. 

එම අවස්ථාවේ බොහෝ ක්‍රීඩකයන් පිරිසක් පිහිනමින් සිටි අතර මෙම බෝට්ටුව කළ ක්‍රියාවෙන් ඔවුනට අනතුරක් සිදුවීමට තිබූ බව බොහෝ දෙනෙක් චෝදනා කර තිබුණා.

බෝට්ටුව නිසා පිහිනීමට නොහැකි වූ ක්‍රීඩකයන් පිරිසට සිදු වූ අසාධාරණය වැළැක්වීම උදෙසා සංවිධායකයන් විසින් තරගය එම අවස්ථාවේදීම නැවත පවත්වන්නට කටයුතු කරන්නේ එම ආරම්භය අසාර්ථක ආරම්භයක් ලෙස සංඥා කරමින්.

නමුත් අනිකුත් ක්‍රීඩකයන් පිරිස ඒ වන විටත් දිගු දුරක් පිහිනා ගොස් තිබුණු අතර එම සංඥාව ක්‍රීඩකයන් ඇසී තිබුණෙත් නැහැ. ක්‍රීඩකයන් පිරිස නැවැත්වීම සඳහා අවසානයේ කුඩා යාත්‍රා දෙකක් යොදාගැනීමටයි සිදුවී තිබුණේ.

පසුව තරගය නැවත ආරම්භ කළ අතර තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට නොර්වේ නියෝජනය කරමින් පැමිණි ක්‍රිස්ටියන් බ්ලුමන්ෆෙල්ට් සමත් වුණා.

මෝටර් බෝට්ටුව නිසා සිදුවෙන්න ගිය අනතුරේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?