අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව වුණා.

මෙහිදී ක්‍රීඩකයන් විසින් පිහිනීමේ තරඟය සඳහා සුදානම් වී සිටි අතර එහිදී ඉදිරිපසින් කැමරා රැගෙන යෑමට නියමිතව තිබූ කළු පැහැති මෝටර් බෝට්ටුවක් නවතා තිබුණා.

සංවිධාකයන් විසින් තරගය ආරම්භ කළ අතර ක්‍රීඩකයන් පිරිසක් පිහිනීම ආරම්භ කළත් තවත් ක්‍රීඩකයන් පිරිසකට ඉදිරිපස නවතා තිබූ බෝට්ටුව නිසා තරගයට සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ.

බෝට්ටුවේ සිටි පිරිස විසින් එම යාත්‍රාව වේගයෙන් පසුපසට ගත් අතර ඒ නිසා තරමක නොසන්සුන්තාවයක් ද ඇතිව තිබුණු බව වාර්තා වෙනවා. 

එම අවස්ථාවේ බොහෝ ක්‍රීඩකයන් පිරිසක් පිහිනමින් සිටි අතර මෙම බෝට්ටුව කළ ක්‍රියාවෙන් ඔවුනට අනතුරක් සිදුවීමට තිබූ බව බොහෝ දෙනෙක් චෝදනා කර තිබුණා.

බෝට්ටුව නිසා පිහිනීමට නොහැකි වූ ක්‍රීඩකයන් පිරිසට සිදු වූ අසාධාරණය වැළැක්වීම උදෙසා සංවිධායකයන් විසින් තරගය එම අවස්ථාවේදීම නැවත පවත්වන්නට කටයුතු කරන්නේ එම ආරම්භය අසාර්ථක ආරම්භයක් ලෙස සංඥා කරමින්.

නමුත් අනිකුත් ක්‍රීඩකයන් පිරිස ඒ වන විටත් දිගු දුරක් පිහිනා ගොස් තිබුණු අතර එම සංඥාව ක්‍රීඩකයන් ඇසී තිබුණෙත් නැහැ. ක්‍රීඩකයන් පිරිස නැවැත්වීම සඳහා අවසානයේ කුඩා යාත්‍රා දෙකක් යොදාගැනීමටයි සිදුවී තිබුණේ.

පසුව තරගය නැවත ආරම්භ කළ අතර තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට නොර්වේ නියෝජනය කරමින් පැමිණි ක්‍රිස්ටියන් බ්ලුමන්ෆෙල්ට් සමත් වුණා.

මෝටර් බෝට්ටුව නිසා සිදුවෙන්න ගිය අනතුරේ වීඩියෝව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48