අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත්කර ඇති රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබන මස 30 වන දා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.
අදාළ පෙත්සම අද (18) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.













