මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (18) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශනයක් සිදු කෙරෙන අතර, ඊට අදාළව සැකකරුවකු වශයෙන් ද නාමල් රාජපක්ෂ නම් කෙරුණු අතර, එම නඩුවට අදාළව ලබන 23 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.













