අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසදන්න කඩිනම් පියවර ගන්නැයි උපදෙස්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළා.

ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු, ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු රැසක් කාරක සභාවේදී සාකච්ඡා වුණා.

එම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල
ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසා සිටියා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52