අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසට ලිපියක්

අභිරහස් ලෙස ජිවිතක්ෂයට පත් වූ කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන කටයුතුවලදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂක ජනරාල්, රංග දිසානායක ඔහුගේ වපසරියෙන් බැහැරව, අන්තනෝමතික ලෙස කටයුතු කර ඇත්දැයි සොයා බැලීම තුළින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගෞරවය රැක ගැනීමටත් කොමිෂන් සභාව කෙරෙහි මහජන විශ්වාසය දිනා ගැනීමටත් ඉවහල් වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඔහු විසින් සිදු කර ඇතැයි කියනු ලබන දූෂණ හා ආක්‍රමිකතාවයන් පිළිබඳව පැමිණිල්ලක් අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර ඇතත් ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව නිරීක්ෂණය වන බවත් ඒකාබද්ධ විපක්ෂය විසින් යොමුකර තිබූ ලිපියේ සඳහන් වනවා

ඒ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හා එම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳව වර්තමාන ප්‍රගතිය දැන ගැනීමේ අයිතියක් මෙරට ජනතාවට ඇති බවට ඔවුන් විශ්වාස කරන බවද එම ලිපියේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය ජයකොඩිට එරෙහිව ඔහු රාජ්‍ය සේවකයෙකු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබඳව නඩු පවරන ලද අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ගෙන ඇත්තේ ඉතා පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවද එම ලිපියේ සඳහන් වනවා.

එමෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා දැනුවත් කරමින් යොමුකර තිබෙන එම සම්පූර්ණ ලිපිය පහතින්,

image
image
image 1

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජී.එල්. පීරීස් ලසන්ත අලගියවන්න සහ සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම ලිපිය වෙත අත්සන් තබා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27