අදියර තුනක් යටතේ සිදුවන B442 මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹේ

වවුනියාව – බෝගස්වැව (B442) මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (15) සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ වෙලිකුලම මංසන්ධියේ සිට මාමඩුව දක්වා කිලෝමීටර 8ක දුරක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර, එය මාර්ගයේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක වනවා.

වවුනියාව සිට බෝගස්වැව දක්වා සමස්ත මාර්ග දිග කිලෝමීටර 48ක් වන අතර, යුද සමයේ සිට අබලන්ව පැවති මෙම මාර්ගය ප්‍රදේශවාසීන්ට බරපතල අපහසුතා රැසක් ඇති කර තිබුණා.

පළමු අදියර සඳහා රුපියල් මිලියන 529ක මුදලක් වෙන් කර ඇති අතර, මාස 18ක කාලයක් තුළ එය අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඉදිරි අදියරයන් යටතේ මාමඩුව සිට රඹවෙට්ටිය දක්වා දෙවන අදියර ක්‍රියාත්මක වන අතර, තෙවන අදියර ලෙස බෝගස්වැව දක්වා මාර්ග සංවර්ධනය සිදු කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමෙන් ගම්මාන 18කට අයත් පවුල් දස දහසකට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවනු ඇති අතර, ගමනාගමනය, වෙළඳාම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් , මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පළාත් පාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57