spot_imgspot_img

අතුරුදන් වූ CID කොස්තාපල්ගේ පෙම්වතිය ගැන පොලිසියෙන් දැනුම් දීමක්

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකුගේ පෙම්වතිය සම්බන්ධයෙන් පොලිසිය නිව්දනයක් නිකුත් කර තිබෙනවා.

හරක් කටා යන සැකකරුගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා ප්‍රශ්න කරමින් සිටියදීයි ඔහු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබුණේ.

පොලිසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ බවට සැක කරෛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වි ඇති බවයි.

මෙම සිද්ධියේදී අතුරුදහන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය බවට සැලකෙන කාන්තා පොලිස් කොස්තාපල්වරිය ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන බව විවි්ධ මාධ්‍යවල පළවී ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා.

අදාළ නිලධාරිනිය ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියක් නොවන බවයි එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කර දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
10
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?