නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකුගේ පෙම්වතිය සම්බන්ධයෙන් පොලිසිය නිව්දනයක් නිකුත් කර තිබෙනවා.
හරක් කටා යන සැකකරුගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා ප්‍රශ්න කරමින් සිටියදීයි ඔහු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබුණේ.
පොලිසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ බවට සැක කරෛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වි ඇති බවයි.
මෙම සිද්ධියේදී අතුරුදහන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය බවට සැලකෙන කාන්තා පොලිස් කොස්තාපල්වරිය ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන බව විවි්ධ මාධ්‍යවල පළවී ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා.
අදාළ නිලධාරිනිය ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියක් නොවන බවයි එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කර දන්වා ඇත්තේ.














KOTU KARAGENA INNE EKA HARAK KATEK PAMANAYI. THAA WAHU KATALA, ELU KATALA, MALU KATALA, WASURU KATALA DAHAS GANAK ME DEENA KRAMAYE ATHURU PRATHIPALA LESA BIHI WELA HEMA THANAMA INNAWA. ME MUSALA KRAMAYA UNGE PEWATHMA WENUWEN MEWAN EWUN BIHI KARAMIN, KIRI POWAMIN, ARAKSHA KARAMIN INNAWA. MEKA KRAMIKAWA UNA DEYAK. DAN IWATH KARANNA AMARUYI, PATAN GANNE KOTHANIN DHA KIYALA HITHA GANNATH BAHE. SF TA ATTACK KALAYIN PASSE PIRISIDU KIREEMA PATANA GATHTHE ATHULEN MA LU. ETHANA SITA THEL PALLAMAK WISIREE PATHIREE YANNAK MENA HEMA ASSAK MULLAK NERAMA WEDAKALA, HANGILA SITI HEMA EKAWAMA SUDDHA KALA LU. EHEMA SAHENA DURARA AWASAN KARAGENA YANAKOTA LU WAR EKA MAHAVIL ARU WALIN PATAN GATHTHE.