අතරමග නතර වූ සියලූ සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරියේ යළි ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය හරහා ද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

මෙම අභියෝගාත්මක වසරේ අදායම සහ වියදම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 2022 වසරේ රජයේ සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 1,751යි. ඉන් රුපියල් බිලියන 1265ක් එනම් 72%ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සදහා වැය කෙරෙනවා. එමෙන්ම සමෘද්ධි සහ දිළිදු ජන කොටස් සදහා රුපියල් බිලියන 506ක් වැය කර තිබෙනවා. මෙම කාර්යයන් දෙක වෙනුවෙන් වියදම් කිරීමෙන් පසු බදු ආදායම අවසන් වනවා.

ඒ වගේම අප විසින් ලබාගත් ණය වෙනුවෙන් පොලිය ගෙවිය යුතුයි. රුපියල් බිලියන 1,065ක් පොලිය ගෙවීම සදහා වැය කළ යුතුයි. එමෙන්ම ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 715ක් ණයට ගෙන වැය කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ නිදහසින් පසු වසර 05ක් හැරුණු විට මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීමට සමත් වී නැහැ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෘජු සහ වක්‍ර බදු මගින් රුපියල් බිලියන 1,550ක් උපයා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව ආනයන අපනයන රේගු බදුවලින් රුපියල් බිලියන 922ක් උපයා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් උපයා තිබෙනවා. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 20ක් උපයා තිබෙනවා. බදු නොවන ආදායම් මඟින් රුපියල් බිලියන 219ක් උපයා තිබෙනවා. ත්‍යාග හා ප්‍රධාන වශයෙන් රුපියල් බිලයන 16ක් ලැබී තිබෙනවා. විවිධ තැන්පතු මඟින් රුපියල් බිලියන 303ක් උපයා තිබෙනවා.

ඒ වගේම ජනතාවගෙන් සහ සියලූම ක්‍රමෝපායන්ගෙන් රුපියල් බිලියන 3,201ක් 2023 වසරේ දී භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එය 2022 වර්ෂයට වඩා විශාල ප්‍රගතියක් බව පැවසිය හැකියි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී අය භාරය රුපියල් බිලියන 1,000 කින් පමණ වැඩි වී තිබෙනවා. නමුත් ඊට වඩා වැඩි වේගයකින් වියදම් වැඩි වී තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු සහනාධාර සඳහා රුපියල් බිලියන 2,160ක් වැය කර තිබෙනවා. පොලිය පමණක් රුපියල් බිලියන 2,263ක් ගෙවා තිබෙනවා. 2023 වසරේ දී රජය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 4,394ක් වැය කර තිබෙනවා. එය වසරේ රාජ්‍ය අදායම රුපියල් බිලියන 3,201ක් වනවා. ඒ නිසා රාජ්‍ය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආදායමක් 2023 වසරේදී ද ලැබී නැහැ.

නමුත් 2023 වසරේ දී රුපියල් බිලියන 7,727ක් ණය ආපසු ගෙවීම සිදුකර තිබෙනවා. රුපියල් බිලියන 8,898ක් ප්‍රාග්ධන වියදම් සහ ණය ආපසු ගෙවීම් සඳහා වැය කර තිබෙනවා. රුපියල් බිලියන 13,292ක් මහා භාණ්ඩාගාරයෙන් පිටට ගොස් තිබෙනවා. නමුත් රජයට ලැබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3,201ක් පමණයි.

රජය 2023 වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 10,091ක් ණය වශයෙන් ගෙන ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර හරහා දේශීය වශයෙන් මෙම ණය ගෙන තිබෙනවා.

එසේම 2024 වර්ෂය සදහා ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු පෙබරවාරි මාසයේ සිට සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරනවා.

මෙම වසරේ මං මාවත් පිළිසකර කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණයක් ලබා දී තිබෙනවා. එමෙන්ම සෞදි අරමුදලින් නැගෙනහිර පළාතේ මංමාවත් පිළිසකර කිරීම සහා මුදල් ආධාර ලැබී තිබෙනවා. මේ පවතින දුෂ්කරතා යටතේ වුව ද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක් ලබා දෙනවා. ඒ වගේම කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය ද රුපියල් මිලියන 50ක් ද වෙන් කර තිබෙනවා.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. අතර මග නතර වී ඇති සියලූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06