අතරමග නතර වූ සියලූ සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරියේ යළි ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය හරහා ද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

මෙම අභියෝගාත්මක වසරේ අදායම සහ වියදම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 2022 වසරේ රජයේ සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 1,751යි. ඉන් රුපියල් බිලියන 1265ක් එනම් 72%ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සදහා වැය කෙරෙනවා. එමෙන්ම සමෘද්ධි සහ දිළිදු ජන කොටස් සදහා රුපියල් බිලියන 506ක් වැය කර තිබෙනවා. මෙම කාර්යයන් දෙක වෙනුවෙන් වියදම් කිරීමෙන් පසු බදු ආදායම අවසන් වනවා.

ඒ වගේම අප විසින් ලබාගත් ණය වෙනුවෙන් පොලිය ගෙවිය යුතුයි. රුපියල් බිලියන 1,065ක් පොලිය ගෙවීම සදහා වැය කළ යුතුයි. එමෙන්ම ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 715ක් ණයට ගෙන වැය කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ නිදහසින් පසු වසර 05ක් හැරුණු විට මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීමට සමත් වී නැහැ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෘජු සහ වක්‍ර බදු මගින් රුපියල් බිලියන 1,550ක් උපයා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව ආනයන අපනයන රේගු බදුවලින් රුපියල් බිලියන 922ක් උපයා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් උපයා තිබෙනවා. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 20ක් උපයා තිබෙනවා. බදු නොවන ආදායම් මඟින් රුපියල් බිලියන 219ක් උපයා තිබෙනවා. ත්‍යාග හා ප්‍රධාන වශයෙන් රුපියල් බිලයන 16ක් ලැබී තිබෙනවා. විවිධ තැන්පතු මඟින් රුපියල් බිලියන 303ක් උපයා තිබෙනවා.

ඒ වගේම ජනතාවගෙන් සහ සියලූම ක්‍රමෝපායන්ගෙන් රුපියල් බිලියන 3,201ක් 2023 වසරේ දී භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එය 2022 වර්ෂයට වඩා විශාල ප්‍රගතියක් බව පැවසිය හැකියි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී අය භාරය රුපියල් බිලියන 1,000 කින් පමණ වැඩි වී තිබෙනවා. නමුත් ඊට වඩා වැඩි වේගයකින් වියදම් වැඩි වී තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු සහනාධාර සඳහා රුපියල් බිලියන 2,160ක් වැය කර තිබෙනවා. පොලිය පමණක් රුපියල් බිලියන 2,263ක් ගෙවා තිබෙනවා. 2023 වසරේ දී රජය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 4,394ක් වැය කර තිබෙනවා. එය වසරේ රාජ්‍ය අදායම රුපියල් බිලියන 3,201ක් වනවා. ඒ නිසා රාජ්‍ය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආදායමක් 2023 වසරේදී ද ලැබී නැහැ.

නමුත් 2023 වසරේ දී රුපියල් බිලියන 7,727ක් ණය ආපසු ගෙවීම සිදුකර තිබෙනවා. රුපියල් බිලියන 8,898ක් ප්‍රාග්ධන වියදම් සහ ණය ආපසු ගෙවීම් සඳහා වැය කර තිබෙනවා. රුපියල් බිලියන 13,292ක් මහා භාණ්ඩාගාරයෙන් පිටට ගොස් තිබෙනවා. නමුත් රජයට ලැබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3,201ක් පමණයි.

රජය 2023 වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 10,091ක් ණය වශයෙන් ගෙන ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර හරහා දේශීය වශයෙන් මෙම ණය ගෙන තිබෙනවා.

එසේම 2024 වර්ෂය සදහා ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු පෙබරවාරි මාසයේ සිට සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරනවා.

මෙම වසරේ මං මාවත් පිළිසකර කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණයක් ලබා දී තිබෙනවා. එමෙන්ම සෞදි අරමුදලින් නැගෙනහිර පළාතේ මංමාවත් පිළිසකර කිරීම සහා මුදල් ආධාර ලැබී තිබෙනවා. මේ පවතින දුෂ්කරතා යටතේ වුව ද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක් ලබා දෙනවා. ඒ වගේම කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය ද රුපියල් මිලියන 50ක් ද වෙන් කර තිබෙනවා.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. අතර මග නතර වී ඇති සියලූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58