spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටුලුගම දැරියගේ ඝාතකයාගේ පාපොච්චාරණය

බණ්ඩාරගම අටුලුගමදී ඝාතනය කරනු ලැබූ වයස අවුරුදු 09ක් වූ පුංචි ෆාතිමා ආයීෂාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අද (30)පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

පොලිසිය කල ප්‍රශ්න කිරිමේදී ඝාතනය සිදුකල පුද්ගලයා පවසා ඇත්තේ ෆාතිමා වෙළෙඳසැලට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටින අතරතුර අසල කැලෑබද ප්‍රදේශයේ සිට ඒ දෙස බලා සිටි බවත් පසුව ෆාතිමා රැගෙන වගුරුබිම වෙත ගිය බවත් ඔහු පැවසුවේ යැයි පොලිසිය සඳහන් කළේය. සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ දැරිය දූෂණය කිරීමට තමා උත්සාහ කළ බවත් එහිදී දැරිය කෑ ගසමින් ඊට විරෝධය පා තමා වෙතින් පලා යාමට උත්සාහ කළ බවය. ඇය ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට පවසනු ඇති බවට තමා බිය වූ බවත් එම නිසා දැරියගේ මුවෙහි පාංකඩ ඔබා පසුව මඩේ ගිල්වා තමා ඇය මරා දැමූ බව සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ෆාතිමාගේ මවගේ පාර්ශ්වයේ ඥාතියෙක් වන අතර මෙම සැකකරු අවුරුදු 8,5,3 යන වයස්වල පසුවන දියණියන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳද ගැබිනියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?