spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ අද අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන ඇති බවට හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අදාළ ඇමතුම අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබෙනවා.

අදාළ ඇමතුමේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එතෙක් ආරක්ෂාව අඛණ්ඩව පවතින බවයි පොලිසිය කියාසිටියේ.

ඒ අනුව දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා කටයුතු කරනු ඇති.

අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් මේවන විට තොරතුරු ලබා ගනිමින් සිටින බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේවස්ථානවල පූජකවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් ද දැනුවත් කිරීමෙන් අනතුරුවයි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?