අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ අද අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන ඇති බවට හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අදාළ ඇමතුම අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබෙනවා.

අදාළ ඇමතුමේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එතෙක් ආරක්ෂාව අඛණ්ඩව පවතින බවයි පොලිසිය කියාසිටියේ.

ඒ අනුව දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා කටයුතු කරනු ඇති.

අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් මේවන විට තොරතුරු ලබා ගනිමින් සිටින බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේවස්ථානවල පූජකවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් ද දැනුවත් කිරීමෙන් අනතුරුවයි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04